
පිටකොටුවේ ගින්න ගැන සොයන්න කමිටුවක්
පිටකොටුව පළමු හරස් වීදීයේ විද්‍යූත් උපකරණ අලෙවිසැළක හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබෙනවා.
මෙම කමිටුව පත් කර ඇත්තේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඊයේ පස්වරුවේ ඇති වූ මෙම ගින්න මැඩපැවැත්වීමට හැකි වූයේ පැය 12 ක පමණ මෙහෙයුමකින් පසුවයි.
ඒ සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය මෙන්ම ගුවන් හමුදාව සහ නාවික හමුදාවද යෙදවීමට පියවර ගෙන තිබුණා.
ගින්න පාලනයට ගිනි නිවීමේ රථ 15ක් මෙන්ම ගුවන් හමුදාවේ බෙල් – 212 හෙළිකොප්ටරයක් ද යොදා ගත්තා.
ගින්න හටගත් අවස්ථාවේ එය මැඩපැවැත්වීමට වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ කොළඹ නගර සභාවට අයත් ගිනි නිවන හමුදාව මහත් පරිශ්‍රමයක් දරමින් ගින්න පැතිරීම පාලනයට කටයුතු යොදා තිබුණා.
එම ගින්න හෙතුවෙන් අවට තිබූ වෙළඳසැල් කිහිපයකටද දැඩි හානි සිදුව ඇති අතර ගින්න හටගත් ගොඩනැගිල්ලේ බිම් මහල ඇතුළු සියලුම මහල් ගින්නෙන් හානි වී තිබුණා.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතක් අනාවරණය වී නැහැ.







