පියාඹන්න 97ත් වයසක්ද?

පියාඹන්න 97ත් වයසක්ද?

ඉන්දියාවේ Maharashtraහි 97 හැවිරිදි කාන්තාවක් Paramotoring ඉගෙන ගන්නා සිදුවීමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Paramotoring යන්නෙන් අදහස් කරන්නේ පැරෂුටයක් හා මෝටරයක් යොදාගෙන ගුවනට ගමන් කළ හැකි ක්‍රියාවක්.

මෙම 97 හැවිරිදි මහලු කාන්තාව ගුරුවරයෙකුගේ සහය ඇතිව Paramotoring ඉගෙන ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල හුවමාරු වෙමින් තිබෙනවා.

බොහෝ පරිශීලකයින් එය දැකීමෙන් පුදුමයට පත් වූ අතර ත්‍රාසජනක ක්‍රීඩා සඳහා සහභාගී වීමට ඇති ධෛර්යය සහ අධිෂ්ඨානය පිළිබඳව මෙම කාන්තාවට ප්‍රශංසා කරන අයුරු දැක්වෙනවා.

“Never Too Late To Fly – She’s my hero of the day” යනුවෙන් Paramotoring සමාගමේ හිමිකරු පවා මෙම කාන්තාව ප්‍රශංසා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This