පියා නත්තල් සාප්පු සවාරි යන අතරතුරදී ගින්නකින් දරුවන් පස් දෙනෙක් මිය යයි

පියා නත්තල් සාප්පු සවාරි යන අතරතුරදී ගින්නකින් දරුවන් පස් දෙනෙක් මිය යයි

පියෙකු නත්තල් සාප්පු සවාරි සඳහා නිවසින් පිටත්ව ගොස් සිටියදී ඇරිසෝනා හි නිවසක ගින්නකින් ඔහුගේ දරුවන් හතර දෙනා සහ තවත් ඥාති දරුවෙකු මිය ගොස් ඇති බව එරට පොලිසිය පවසනවා

ගින්න දෙමහල් නිවස පුරා පැතිර ගොස් ඇති බවයි බලධාරීහු සඳහන් කර තිබෙන්නේ

මියගිය දරුවන් වයස අවුරුදු 2, 4, 5 සහ 13 යන වයස්වල පසුවන අතර අනෙක් ඥාති දරුවා 11 හැවිරිදි වියේ පසුවන බවද සඳහන් .

ගින්න සම්බන්ධයෙන් නිලධාරීන් පරීක්ෂණ පවත්වන අතර දරුවන්ගේ හෝ පියාගේ නම් හෙළි කර නැහැ

දරුවන්ගේ පියා සිල්ලර බඩු සහ නත්තල් තෑගි මිලදී ගැනීම සඳහා ගොස් පැය දෙක හමාරක පමණ කාලයක් සිටි බව විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා

ගින්න හටගෙන ඇත්තේ පහළ මාලයේ බවටයි මූලික විමර්ශනයේදී හෙළිව ඇත්තේ

මියගිය පස්දෙනාගේම සිරුරු උඩුමහලේ නිදන කාමරයක තිබී හමුවී ඇති අතර ගින්න නිවා දැමීමට පැමිණි අසල්වාසීන් පවසා තිබෙන්නේ නිවස තුළ කිසිවකු සිටින බවට ඔවුන්ද නොදැන සිටි බවයි

Share This