පියුමි හංසමාලිගේ සමාගමේ ක්‍රීම් ගැන රස පරීක්‍ෂක වාර්තාවක් කැඳවයි

පියුමි හංසමාලිගේ සමාගමේ ක්‍රීම් ගැන රස පරීක්‍ෂක වාර්තාවක් කැඳවයි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සතු රූපලාවන්‍ය සමාගමක් මඟින් රටපුරා බෙදාහරින ආලේපන වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂක වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා අපරාධ පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පියුමි හංසමාලි අයථා වත්කම් උපයා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව විශේෂ මෝසමක් ගොනුකර තිබුණා.

සම සුදු කිරීම සඳහා අලේපනය කරන ආලේපන වර්ග මිනිස් ශරීරයට හිතකර ද නැද්ද යන්න පිළිබඳව වාර්තාවක් කැඳවීමට අවශ්‍ය බැවින් ඊට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස පොලිසිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම පියුමි හංසමාලි බැංකු ගිණුම් 19ක් පවත්වාගෙන යාම, හිටපු ජනාධිපතිවරයෙකු භාවිත කළ කෝටි 8ක රේන්ජ්රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ 7 නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී විමර්ශනය කරනු ලබනවා.

2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 06 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශනය සිදුකරන බවයි අපරාධ පරීක්‍ෂක දෙපාර්තමෙන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

Share This