පිරිමි පුද්ගලයින්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන සිදුකළ මුදල් වංචාවක් මාට්ටු
පිරිමි පුද්ගලයෙකු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වෙමින් සංවාද ගොඩනගා ගනිමින් නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන එම ඡායාරූප අන්තර්ජාලයේ පල කරන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු පරිඝණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ පිරිමි පුද්ගලයින්ගේ නිරුවත් චායාරූප හා වීඩියෝ ලබාගනිමින් සැකකරු රුපියල් ලක්ෂ 07ක මුදලක් බලෙන් ලබාගෙන ඇති බව සඳහන්.
සිද්ධියට සම්බන්ධ සැකකරු පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් විසින් දෙහිවල කවුන්සිල් ඇවනිවු පෙදෙසේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20ක් වන තුල්හිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.