පිලිපීනයේ ගංවතුරෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට
පිලිපීනයට බලපෑ Megi කුණාටුවෙන් ඇතිවූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ගලවාගැනීමේ කණ්ඩායම් නැගෙනහිර සහ දකුණු වෙරළ තීරයේ අතරමංව සිටින පුද්ගලයින් සෙවීම සඳහා මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බවයි පැවසෙන්නේ.
Megi කුණාටුව නැගෙනහිර වෙරළට කඩා වැදීමත් සමඟ 13,000 කට වැඩි පිරිසක් උස් බිම්වල ආරක්ෂිත ස්ථාන වෙත පලා ගොස් තිබෙනවා.
අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් විදුලිය විසන්ධි වී, නිවාස හා කෙත්වතු ජලයෙන් යටවී ඇති බවයි පැවසෙන්නේ