පිලිපීනයේ ගංවතුරෙන් 53 ක් ජීවිතක්ෂයට-ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට(PHOTOS)

පිලිපීනයේ ගංවතුරෙන් 53 ක් ජීවිතක්ෂයට-ලක්ෂයකට අධික පිරිසක් පීඩාවට(PHOTOS)

පිලිපීනයට බලපෑ  Megi කුණාටුවෙන් ඇතිවූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගලවාගැනීමේ කණ්ඩායම් ගංවතුරට හසු වූ ගම්මානවල දිවි ගලවා ගත් අය සොයා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා

කෙසේ වෙතත්  මෙම ස්වභාවික ව්‍යසනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි එරට  බලධාරීහු පවසන්නේ.

මධ්‍යම ලෙයිට් පළාතේ බේබේ නගරය අවට ගම්මාන වඩාත් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති බවයි පැවසෙන්නේ

බේබේ නගරයේ නගරාධිපති Jose Carlos Cari CNN පුවත් සේවයට පවසා තිබෙන්නේ ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

එමෙන්ම පිලාර් නම් ගම්මානයක නිවාසවලින් 80%ක් පමණ මුහුදට ගසාගෙන ගොස් ඇති බවද සඳහන්

දකුණු සහ නැගෙනහිර පිලිපීන දූපත් වල පුද්ගලයන් 100,000 කට අධික පිරිසක් කුණාටුවෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

Share This