පිලිපීනයේ දී මගී යාත්‍රාවක් පෙරලෙයි – 19ක් මරුට

පිලිපීනයේ දී මගී යාත්‍රාවක් පෙරලෙයි – 19ක් මරුට

පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ සිටි මගීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති නමුත් අනතුරින් පසු එහි සිටි 40 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

තවදුරටත් යාත්‍රාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This