පිලිපීනයේ දූපත්වල මිනිසුන් 13,000ක් තනිවම රැකබලා ගත් වෛද්‍යවරිය

පිලිපීනයේ දූපත්වල මිනිසුන් 13,000ක් තනිවම රැකබලා ගත් වෛද්‍යවරිය

28 හැවිරිදි වෛද්‍යවරියක් පිලිපීනයේ Agutaya දූපත්වල මිනිසුන් 13,000ක් තනිවම රැකබලාගන්නා බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ දුපත්වල ජිවත්වන 13,000ක් හෝ ඊට වැඩි පිරිසකට සිටින එකම වෛද්‍යවරිය 28 හැවිරිදි Alena බවයි

මෙම දුපත් සමුහය අතරින් වෛද්‍යවරිය සංචාරය නොකරන්නේ Amanpulo නම් වූ දුපතකට පමණක් වන අතර එම දුපත හොලිවුඩ් සුපිරි තරු වන ටොම් කෲස් සහ බියොන්සේට සත්කාරකත්වය ලබා දෙන දුපත් වනවා.

වෛද්‍ය Alena මෙම දුපත්වලට පැමිණියේ කොරෝන වෛරසය ආරම්භයේ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ නිසා වෛද්‍යවරිය නව වසංගතය සමග සටන් කළ අතර ඇගේ ජිවිතයේ විශාලම අභියෝගයට මුහුණ දුන් බවයි වෛද්‍යවරිය පවසන්නේ.

පිලිපීනයේ අගනුවර වන මැනිලාහි ජීවත් වී රටේ ඉහළම වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ අයෙකු කිසිවිටක මෙවන් ස්ථානයක සේවයට නොබැදෙන අතර වෛද්‍ය Alena රටේ අසරණ වී ඇති දුගී ජනතාව සිටින ස්ථානයකට සම්බන්ධ වීම අගය කළ යුතු කරුණක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This