පිලිපීනයේ මගී යාත්‍රාවක ගින්නක් – 10 දෙනෙකු මරුට

පිලිපීනයේ මගී යාත්‍රාවක ගින්නක් – 10 දෙනෙකු මරුට

පිලිපීනයේ මගී යාත්‍රාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට Baluk-Baluk දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ දී එම යාත්‍රාව ගිනි ගැනීමට ලක්ව ඇති අතර සිද්ධියෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යාත්‍රාව ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් 230 දෙනෙකු බේරාගැනීමට එරට වෙරළාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.

යාත්‍රාව ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉන්ධන කාන්දුවක් ගිනි ගැනීමට හේතු වී ඇති බවටයි පිලිපීන බලධාරීන් සැක පළ කරන්නේ.

Share This