පිලිපීනයේ මගී යාත්‍රාවක ඇතිවූ ගින්නෙන් මිය ගිය ගණන 28 දක්වා ඉහළට -230ක් බේරා ගැනේ

පිලිපීනයේ මගී යාත්‍රාවක ඇතිවූ ගින්නෙන් මිය ගිය ගණන 28 දක්වා ඉහළට -230ක් බේරා ගැනේ

පිලිපීනයේ මගී යාත්‍රාවක හටගත් ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් ඇති අතර 230 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මැදිරි තුළ ගින්න ආරම්භ වූ නමුත් එය ඇතිවු ආකාරය පිළිබඳව අපැහැදිලි බවයි නිලධාරීහු පවසන්නේ

මියගිය අය අතර මාස හයක් වයසැති කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් කුඩා දරුවන් තිදෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිශ්චිත මගීන් සංඛ්‍යාවක් නොදන්නා බැවින් අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව අවිනිශ්චිත බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසනවා.

MV Lady Mary Joy 3 නම් මෙම මගී යාත්‍රාව Basilan පළාතේ Baluk-baluk දූපතට ආසන්නයේදී ගිනි ගෙන ඇති අතර එය වෙනත් දූපතකට ගමන් කරමින් සිට තිබෙනවා.

Share This