පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් චීන ජාතිකයා

පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් චීන ජාතිකයා

පාකිස්ථානයේ කයිබර් පතුන්ක්වා ප්‍රාන්තයේ කොහාට් දිස්ත්‍රික්කයේදී එරට පොලීසිය විසින් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බලපත්‍රයක් නොමැතිව පිස්තෝලයක් තබාගැනීමේ චෝදනාව යටතේයි.

අදාළ චීන ජාතිකයාට එරෙහිව පොලීසිය නඩු පවරා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සංචාරක ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අදාළ චීන ජාතිකයාට විදේශිකයන්ගේ පනත යටතේ ද නඩු පවරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This