පිළිස්සුණු මැදිරි අතරින් තවමත් සිරුරු හමුවේ – දුම්රිය අනතුරෙන් මියගිය ගණන  57 දක්වා ඉහළට

පිළිස්සුණු මැදිරි අතරින් තවමත් සිරුරු හමුවේ – දුම්රිය අනතුරෙන් මියගිය ගණන 57 දක්වා ඉහළට

ග්‍රීසියේ සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

විමර්ශනය සඳහා කටයුතු කරන හදිසි මරණ පරීක්ෂකවරුන් දස දෙනාගෙන් එක් අයෙකු වන Eleni Zaggelidou පවසා තිබෙන්නේ සිරුරු 57ක් හඳුනා ගැනීම සඳහා DNA ලබාගෙන ඇති බවයි.

මේ අතර දුම්රිය අනතුර සම්බන්ධයෙන් ආණ්ඩුවට දොස් පවරමින් දුම්රිය සේවකයින් එක් දින වැඩ වර්ජනයක් පවත්වා තිබෙනවා

එමෙන්ම කම්පනයට පත් ඇතැන්ස් සහ තෙසලෝනිකි හි 2,000 කට වැඩි පදිංචිකරුවන් පිරිසක් ද දෙවන දිනටත් විරෝධතා පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවද සඳහන් වනවා

ගලවා ගැනීමේ සේවකයින් තවමත් පිළිස්සුණු මැදිරි වෙත ගොස් විපතට පත්වූවන් සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පුද්ගලයින් 350 දෙනෙකු රැගත් මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර ග්‍රීසියේ සිදුවූ විශාලතම දුම්රිය අනතුර බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ගිනි නිවන හමුදාවේ ප්‍රකාශක Vassilis Varthakogiannis පවසා තිබෙන්නේ ගින්නෙන් පුපුරා ගිය මැදිරි වෙත ළඟා වීමට උෂ්ණත්වය බාධාවක් වූ බවත් එය ඇතුළත සිටි පුද්ගලයින් හඳුනා ගැනීම දුෂ්කර බවත්ය.

 

Share This