
පුංචි ඡන්දයට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා භාරදීම අදින් අවසන්
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ එම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වන විටත් බොහෝ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන සදහා තේරී පත්වූ නියෝජිතයින්ගේ නම් ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී නොමැති අතර මේ වන විට ලැබී ඇති නම් ලැයිස්තු රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබුණ ද එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම සදහා සියලු පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ඇතුළත් කිරීම සිදුකළ යුතු බවයි.