
පුංචි ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද
පළාත් පාලන මැතිවරණය ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (27) දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී සියලුම නිල ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන් වෙත බෙදා දීමටයි තැපැල් දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත්තේ.
මේ අතර නිල ඡන්ද පත්‍රිකා බෙදීම ලබන 29 වනදා අවසන් කිරීමට නියමිතයි.
නිල ඡන්ද පත්‍රිකා නොලැබූ ඡන්දහිමියන්ට සිය ඡන්ද හිමි නාමලේඛනයේ තමන් ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.