
පුටින්ගේ නිල මෝටර් රථයක් ගිනි ගනී
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නිල රථවාහන ඇණියට අයත් Aurus Senat ලිමොසින් සුඛෝපභෝගී රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබෙනවා.
එම මෝටර් රථය මොස්කව් හි නගරයේ වීදියක ගිනිගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.
අමෙරිකානු ඩොලර් 357,000ක් පමණ වටිනාකමින් යුතු මෝටර් රථයක් මෙලෙස ගිනිගෙන විනාශ වී තිබෙනවා.
යුක්‍රේනයේ මොස්කව් යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදයේ පිටුබලය ලබන සාකච්ඡා මධ්‍යයේ රුසියානු නායකයා ඝාතනය කිරීමේ උත්සාහයක් ද යන්න සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.