පුටින්ගේ රැලියකට සහභාගීවීමෙන් පසු රුසියානු ඔලිම්පික් පිහිනුම් ශූරයාට සිදුවූ දේ
රුසියානු ඔලිම්පික් පිහිනුම් ශූර Evgeny Rylov පසුගිය සතියේ මොස්කව් හි ව්ලැඩිමීර් පුටින් විසින් පවත්වන ලද රැලියකට සහභාගී වී තිබෙනවා
එම රැලියට සහභාගී වීමෙන් පසු පිහිනුම් ඇඳුම් නිෂ්පාදකයින් වන ස්පීඩෝ සමග තිබූ ඔහුගේ අනුග්‍රාහකත්වය අහිමි වී ඇති බව එරට ක්‍රීඩා පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබෙන සඳහන්
Evgeny Rylov, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හඳුනාගැනීම සඳහා පැමිණි සංකේතය වන “Z” අකුර ඔහුගේ ඇඳුමේ සඳහන් කර ගනිමින් රැලියේදී ක්‍රීඩා කරන අයුරු දැකගත හැකිව තිබෙනවා
පසුගිය වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් දෙකක්ද ඔහු දිනාගෙන තිබෙන බවයි පැවසෙන්නේ
ජල ක්‍රීඩා වල ජාත්‍යන්තර තරග පරිපාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගත් ජාත්‍යන්තර සම්මේලනය (FINA) පවසා තිබෙන්නේ Evgeny Rylov රැලියේදී පෙනී සිටීමෙන් තමන් දැඩි කලකිරීමකට පත් වූ බවත් ඒ පිළිබඳව විමර්ශනය කරන බවත්ය.
පිහිනුම් ඇඳුම් නිෂ්පාදක ස්පීඩෝ පවසා තිබෙන්නේ ඔහු එම රැලියට පැමිණීමෙන් පසුව Evgeny Rylovගේ අනුග්‍රහය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කළ බවයි.