
පුටින් යළි යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනපති වැලැදිමීර් පුටින් හා සිදුකල දුරකථන සාකච්ඡා යළි අසාර්ථකවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියාව සහ යුක්‍රේනය අතර වන යුද්ධය නිමා කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
එහෙත් ඒවා සාර්ථකවී නැහැ.
එම සංවාදය අතරතුරදී පුටින් පවසා ඇත්තේ යුක්‍රේනය ඉකුත්දා සිය ගුවන් තොටුපළවලට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරවලට කඩිනම් ප්‍රතිචාර දක්වන බවයි.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනපති වැලැදිමීර් පුටින් අතර පැවති මෙම සාකච්ඡා පැයකට වඩා වැඩි කාලයක් දුරකථනය හරහා සිදුව තිබෙනවා.