පුටින් හමුවීමට කිම් තවමත් ගමනේ -දුම්රිය ස්ථානවල ආරක්ෂාව තර කෙරේ

පුටින් හමුවීමට කිම් තවමත් ගමනේ -දුම්රිය ස්ථානවල ආරක්ෂාව තර කෙරේ

නැගෙනහිර ආර්ථික සංසදය බදාදා දින අවසන් වීමෙන් පසු උතුරු කොරියානු නායක කිම්ගේ සහ රුසියානු ජනපති පුටින්ගේ හමුවීම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙඩි නොවදින දුම්රියකින් අඟහරුවාදා උදෑසන Khasan හි දේශසීමා ස්ථානය පසුකරමින් යන විට රුසියානු නියෝජිතයන් හමුවීමට පිටත්ව ගිය බව නම් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා

ඔහුගේ ගමනාන්තය ව්ලැඩිවොස්ටොක් වරාය නගරයයි

මේ අතර කිම් ජොන් උන් ගමන් කරන බවට විශ්වාස කෙරෙන දුම්රිය, Vladivostok සිට 98km උතුරින් රුසියානු නගරයක් වන Ussuriysk හි දුම්රිය ස්ථානයක දී දැක ඇති බව ක්‍රෙම්ලින් හිතවාදී මූලාශ්‍රයක් වාර්තා කරනවා

එම දුම්රිය ස්ථානයට ඇතුල්වීම් සහ පිටවීම් අවහිර කර ඇති බවද සඳහන්

කිම් ජොන් උන් පැය හතරකට පමණ පෙර රුසියානු දේශසීමා ඛසාන් දුම්රිය ස්ථානයට පැමිණි ඇති නමුත් ඔහු ව්ලැඩිවොස්ටොක් වෙත පැමිණෙන්නේ කීයටද යන්න පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

මෙම හමුවීම සිදුවන්නේ රුසියාව සන්නද්ධ කිරීමට උදව් කිරීමට එරෙහිව එක්සත් ජනපදය විසින් උතුරු කොරියාවට නැවත නැවතත් කරන අනතුරු ඇඟවීම් මධ්‍යයේ බවද විදෙස් මාධ්‍ය පවසනවා

ක්‍රෙම්ලිනය පවසා ඇත්තේ රුසියාව වොෂින්ටනයේ අනතුරු ඇඟවීම් ගැන උනන්දුවක් නොදක්වන බවත් ඒ වෙනුවට උතුරු කොරියාවේ සහ මොස්කව්හි අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන බවත්ය.

Share This