පුතුට මරු කැඳවූ පියාගේ ජීප් රිය
මරදාන දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රියක් නිවස අසළ නැවැත්වීමට යන අවස්ථාවේදී කුඩා දරුවෙකු එම ජීප් රියටම යට වී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක් වූ දුම්රිය නිවාස, මරදාන ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
පියා විසින් නිවස අසළ ජීප් රිය නැවැත්වීමට පිටුපසට ගැනීමේදී පිටුපස සිටි ඔහුගේ දරුවා එම රථයටම යටවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මරදාන පොලීසිය විසින් සිදුකරන බව සඳහන්.