පුද්ගලයන් 47ක් රැගත් යාත්‍රාවක් මුහුදුබත් වෙයි

පුද්ගලයන් 47ක් රැගත් යාත්‍රාවක් මුහුදුබත් වෙයි

මැඩගස්කරයේ සිට ප්‍රංශයේ Mayotte දූපත වෙත යමින් සිටියදී යාත්‍රාවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 22ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පුද්ගලයන් 47 දෙනෙකු රැගත් යාත්‍රාවක් මෙලෙස මුහුදුබත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මැඩගස්කර නාවික ඒජන්සිය ප්‍රකාශ කළේ පුද්ගලයින් 23 දෙනෙකු බේරා ගෙන ඇති අතර අතුරුදන් වූ දෙදෙනෙකු සෙවීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතින බවයි

Share This