පුද්ගලයින් 22 දෙනෙකු සමඟ රුසියානු හෙලිකොප්ටරයක් ​අතුරුදහන්

පුද්ගලයින් 22 දෙනෙකු සමඟ රුසියානු හෙලිකොප්ටරයක් ​අතුරුදහන්

පුද්ගලයින් 22 දෙනෙකු රැගත් රුසියානු හෙලිකොප්ටරයක් Kamchatka අර්ධද්වීපයේ ගිනි කන්දක් අසලදී අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

Mi-8T හෙලිකොප්ටරය අතුරුදහන් වීමට පෙර එහි මගීන් 19 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සිටි බව Kamchatka ප්‍රදේශයේ ආණ්ඩුකාර ව්ලැඩිමීර් සොලොඩොව් ප්‍රකාශ කර ඇත්තේ

හෙලිකොප්ටරය සෙවීම සඳහා ගොඩබිම් ගලවා ගැනීමේ කණ්ඩායමක් ද යොදවා ඇති අතර, යානය පියාසර කිරීමට තිබූ බයිස්ට්‍රායා ගංගා නිම්නය දිගේ සෝදිසි
මෙහෙයුමක් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This