පුද්ගලික රක්ෂණ සමාගමක නියෝජ්‍ය සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

පුද්ගලික රක්ෂණ සමාගමක නියෝජ්‍ය සභාපතිවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

පුද්ගලික රක්ෂණ සමාගමක සේවය කළ නියෝජ්‍ය සභාපතිවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ රස පරීක්ෂක කා‍ර්යාලයේ සේවය කළ ඩී.එච්.එල්.ඩබ්ලිව්.ජයමාන්න පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ නීත්‍යනුකූල නොවන ආකාරයට වාර්තා ලබාදීම සඳහා රක්ෂණ සමාගමකින් අල්ලස් ලෙස රු.6,415,050.00 ( හැට හතර ලක්ෂ පහළොස් දහස් පනහක් )අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව යටතේයි.

ඊට අදාලව එම අල්ලස් මුදල ලබාදීමෙන් ඉහත සමාගමට අයුතු ලාභයක් සිදුකර ඩී.එච්.එල්.ඩබ්ලිව්.ජයමාන්න නමැත්තා සිදුකර ඇති දූෂණය නමැති වරදට ආධාර අනුබල දීමේ වරදට ඔහු අත් අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළා.

අත් අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

Share This