පුද්ගලික රෝහලක් තුළ සිදුවූ ඝාතනය
ත්‍රිකුණාමලය නගරයේ පිහිටා ඇති පුද්ගලික රෝහලක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 63ක් වූ එම රෝහලේම තෙවන මහලේම නේවාසිකව පදිංචි වී සිටි කාන්තාවක්.
මියගිය කාන්තාව විදෙස් ගතව සිටින වෛද්‍යවරයෙකු වන තම ස්වාමි පුරුෂයාට අයත් එම රෝහලේම තුන්වන මහලේ පිහිටි නේවාසික කාමරයට පැමිණෙමින් සිටියදී මියගිය කාන්තාවගේ සැමියාගේ සහෝදරයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වයස අවුරුදු 55ක් වන ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරුද එම මහලේම කාමරයක නේවාසිකව පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ත්‍රිකුණාමලය පොලිසිය සිදුකරනු ලබනවා.