පුනරුත්ථාපන ක්‍රියාවලිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අභියෝගයක්

පුනරුත්ථාපන ක්‍රියාවලිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අභියෝගයක්

පුනරුත්ථාපන ක්‍රියාවලිය මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන්ට අභියෝගයක් වී ඇති බවත් ඒ හේතුවෙන් විවිධ ප්‍රශ්න ඇති කරන බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ට්ආරච්චි මහතා පවසනවා.

පුනරුත්ථාපන කාර්යාංශයේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ පුනරුත්ථාපනය වන අයට විවිධ හිංසා කරන බවටත් නිසි පරිදි ආහාර, නවාතැන් ස්නානය කිරීමේ පහසුකම් නොලැබෙන බවට විවිධ චෝදනා කරන බවයි

එම චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් කිසිම පුනරුත්ථාපනලාභියෙකුට හිංසාවක් සිදු නොවන බවත් ඔහු පැවසුවා.

එමෙන්ම, අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුනරුත්ථාපන ක්‍රියාවලිය නව මාවතකට යොමු කර ඇති බවද ඔහු සඳහන් කළා.

පුනරුත්ථාපනයවන කාලය තුළ ප්‍රථමාධාර, ආපදා කලමණාකරණය, ජීවිතාරක්ෂාව මෙන්ම හදිසි ගිනි ගැනීමකදී කටයුතු කරන ආකාරය ආදී විවිධ පුහුණු පාඨමාලා සම්බන්ධ පුහුණුවිම් ලබා දීමටද කටයුතු කෙරෙනවා

මීට අමතරව පුහුණුව ලබන කාලය තුළ විශේෂයෙන් විදේශගතවීමට හැකියාව ලැබෙන පරිදි පුහුණුවීම් ලබා දෙන අතර මැණික් කැපීම, බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවීම ආදී පුහුණුවීම් ඒ යටතේ ලබා දෙන බවයි කොමසාරිස් ජනරාල් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ

Share This