පුපුරා ගිය ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

පුපුරා ගිය ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන්

මෝටර් රථයක් ගැටීමෙන් පුපුරා යාමට ලක්වූ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුමට බාධා එල්ල වී තිබූ අතර අද (18) අලුයම වන විට ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇති.

 

Share This