පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක්

පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක්

මෙරට පුරාවිද්‍යා උරුමය රැකීමට නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු කියා සිටියේ මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි

එමෙන්ම භික්ෂූ කතිකාවත් පනත සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු එහිදී පැවසුවා

මීට අමතරව, ශ්‍රී ලංකාව ථේරවාදී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය බවට පත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය ක්‍රියාවට නැඟීම වෙනුවෙන් ද අමාත්‍යාංශය කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

Share This