පූඩළුඔය වතු නිවාස පෙළක ගින්නක්

පූඩළුඔය වතු නිවාස පෙළක ගින්නක්

වතු නිවාස පෙළක හට ගත් ගින්නකින් නිවාස 4කට හානි.

කොත්මලේ, පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක අද (25) දහවල් හට ගත් ගින්නකින් වතු නිවාස 4ක් ගිණි ගෙන විනාශ වි තිබෙනවා.

 

පූඩළුඔය පොලීසිය පැවසුවේ පෙ.ව. 11 ට පමණ එක් නිවසකින් ඇවිලුනු ගින්න සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවයි.

 

එම නිවාස පේලියේ වතු නිවාස 20ක් පිහිටා තිබෙනවා.

 

පැතිර යමින් තිබූ ගින්න වතු කම්කරුවන් එක්ව වතු නිවාස පේළියේ සෙවිලි තහඩු සහ වහළ ගලවා පාලනය කර ඇති අතර, ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බව සදහන්.

 

ගින්නෙන් විනාශ වූ වතු නිවාස 4 ක පදිංචිව සිටි වතු කම්කරුවන් 30 දෙනෙකු පමණ තාවකාලිකව එම වතුයායේම ආරක්ෂිත ස්ථානයක නතර කර තිබෙනවා.

 

පොලීසිය පැවසුවේ ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට සැකකරන බවයි.

 

 

Share This