පෘතුගාලයටත් ලැව්ගිනි – ගම්මාන 19ක ජනතාව ඉවත් කෙරේ

පෘතුගාලයටත් ලැව්ගිනි – ගම්මාන 19ක ජනතාව ඉවත් කෙරේ

පෘතුගාලයේ ඇවිලී ඇති ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයෝ උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

දකුණු ඔඩෙමිරා නගරය අසල ඇති වූ ගින්න හේතුවෙන් 1,400 කට වැඩි පිරිසකට එම ප්‍රදේශයෙන් ඉවත් වීමට සිදුවූ බවද සඳහන්

ගින්න මැඩපැවැත්වීම සඳහා උත්සාහ කරමින් සිටි ගිනි නිවන භටයින් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සෙල්සියස් අංශක 40 ඉක්මවූ උෂ්ණත්වය මෙම සතියේ අයිබීරියානු අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශවලට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Odemira අසල ඇතිවූ ගින්න පසුගිය සෙනසුරාදා ආරම්භ වූ අතර දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පෘතුගාලයේ ප්‍රධාන සංචාරක කලාපය වන Algarve හි ප්‍රදේශවලටද බලපා ඇතැයි සඳහන්

එම ගින්නෙන් මේ වන විට අක්කර 16,600 පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පැවසෙන්නේ

ගම්මාන 19ක ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා

Share This