
පෙරදිග මහා අධ්‍යාපන තක්සලාව වූ පෑළියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනට වසර 150
රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1875 නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ කරන ලද්ද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වත්මන් බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රධාන සංධිස්ථානයක්.
ඒ නිමිත්තෙන් ඔක්තෝම්බර් 27 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා උත්සව සහ පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර අවසන් උත්සවය නොවැම්බර් මස 02 වැනිදා සවස 2.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
තෙදින පුරා පිරිවෙන් පාසල් විශ්ව විද්‍යාල රාජ්‍ය ආයතන රාජ්‍ය අමාත්‍යාංශ ඇතුළු විවිධ අංශයන් සම්බන්ධ කර ගනිමින් අධ්‍යාපන ප්‍රදර්ශනයක්ද සංවිධානකර ඇතිබව පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති හා අධ්‍යක්ෂක කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රී ඤාණරතන නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා.
මේ වනවිට මෙරට පිරිවෙන් 825ක් පමණ පවතින අතර එකී සියලු පිරිවෙන්හි එක් මූලස්ථානයක් වනුයේ මෙම පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙන බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.

