පෙර පාසල් සහ පාසල්වල ඇස්බැස්ටෝස් තහනම් නොකළේ ඇයි ?- ඇමති අණින් වහාම විමර්ශනයක්

පෙර පාසල් සහ පාසල්වල ඇස්බැස්ටෝස් තහනම් නොකළේ ඇයි ?- ඇමති අණින් වහාම විමර්ශනයක්

පෙර පාසල් සහ පාසල් ගොඩනැගිලිවලට ඇස්බැස්ටෝස් යොදා ගැනීම තහනම් කිරීමට ගත් තීන්දුව මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහා කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

2021 වර්ෂය අවසන් වීමට පෙර අලුතෙන් ඉදිකෙරෙන පාසල් හා පෙර පාසල් ගොඩනැගිලිවලට ඇස්බැස්ටෝස් යොදා ගැනීම තහනම් කිරීමේ යෝජනාවකට මීට මාස තුනකට පෙර කැබිනට් අනුමැතිය හිමිවුණා

නමුත් මේ දක්වා එම තීන්දුව ක්‍රියාත්මක කර නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ .

අමාත්‍ය මණ්ඩල තීන්දුවක් මාස දෙකක් ඇතුළත ක්‍රියාත්මක විය යුතු වුවත් ඇස්බැස්ටස් තහනම් කිරීමේ තීන්දුව එසේ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ

මෙම තීරණය ක්‍රියාත්මක කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නේ යැයි අදාළ නිලධාරියා ප්‍රකාශ කළ නමුත් වරද සිදුව ඇත්තේ කොතැනද යන්න සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන බව අමාත්‍යවරයා පවසනවා.

Share This