
පෙර පාසැල් අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කිසිදු ආකාරයකින් පෙර පාසල් නියාමනයක් සිදු නොකරන අතර එම විෂය පැවරෙනුයේ පළාත් සභා වෙත බව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (24)පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට ගැළපෙන පරිදි පූර්ව ළමා අවධිය සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදු කරන බවත් පෙර පාසල් අතර තිබෙන අවිධිමත්භාවය විධිමත්භාවයට පත් කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා සඳහන් කරනවා .
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
අමාත්‍යවරයා පවසා සිටින්නේ මෙරට පෙර පාසල් 19,000ක් තිබෙන බවයි
එමෙන්ම පෙර පාසල් වර්ග පහ අතරට ජාත්‍යන්තර පාසල්වලින් කරන පෙර පාසල්, පෞද්ගලික මට්ටමෙන් කරන පෙර පාසල්, පළාත් සභා මඟින් කරන පෙර පාසල්, වෙනත් සංවිධාන මගින් කරන පෙර පාසල් සහ පළාත් පාලන ආයතනවලින් කරන පෙර පාසල් ඇතුළත් වන බවයි ඔහු පවසන්නේ
” බස්නාහිර පළාතේ ප්රඥප්තිය මහ ඇමැතිවරයා විදියට මම හැදුවේ 1996 වසරේදි. යුනිසෙෆ් වාර්තාව අනුව අවුරුදු 4 සම්පූර්ණ වන සියයට 30 ක් දරුවන් පෙර පාසල්ගත වන්නේ නැහැ. දරිද්‍රතාව, නොදැනුවත්කම යනාදී කාරණා මීට බලපාන්න පුළුවන්. පෙර පාසල් අත්පොත යාවත්කාලීන වෙලා නැහැ. පෙර පාසල් නියාමනය අයිති වන්නේ පළාත් සභාවලට. පළාත් අධ්‍යාපන මට්ටමෙන් ඒවා විධිමත් කළ යුතුයි. පෙර පාසල් ගුරුවරුන් 34000 ක් සිටිනවා. ඒ අය හුරු කරවීමට වැඩමුළු පැවැත්වීම අපි කරනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ එම වැඩමුළු තිබෙනවා. කිසිම ආකාරයකට දැන් පවත්වන පෙර පාසල් අමාත්‍යාංශය යටතේ නියාමනයක් සිදු කරන්නේ නැහැ. ප්රඥප්තීන් තිබෙන්නේ පළාත්වල. ගුරුවරු යාවත්කාලීන කිරීම පමණක් අමාත්‍යාංශය සිදු කරනවා.” යනුවෙන්ද අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පවසා සිටියා