පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි බලකරමින් එරට විරෝධතා තවදුරටත්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි බලකරමින් එරට විරෝධතා තවදුරටත්

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් පෙළපාලිකරුවන් විසින් ආරම්භ කර ඇති විරෝධතාවයේ මාර්ග බාධක ඉවත් කරන බව එරට බලධාරීහු පවසා තිබෙනවා.

ආරක්ෂක හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශවලට අනුව පොලිසිය සහ හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ පිළිබඳව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සන්නිවේදන මාර්ග අවහිර කිරීම අපරාධයක් වන අතර ගිලන්රථවලට මාර්ග බාධක හරහා යාමට නොහැකි වීම නිසා දැනටමත් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවයි.

මෙම අවහිර කිරීම් හේතුවෙන් කලාප කිහිපයක ඉන්ධන සහ ආහාර හිඟයක් ද ඇති වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මාර්ග බාධක හේතුවෙන් බෙදා හැරීමේ ලොරි අතරමං වීම නිසා සමහර නගරවල අර්තාපල් සහ තක්කාලි වැනි ආහාරවල මිල තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

පේරු ජනාධිපතිනිය Dina Boluarte ජාතික සටන් විරාමයක් ඉල්ලා සිටීමෙන් පසුව, දහස් ගණන් ජනයා ලීමා අගනුවර වීදි බැස, ඇයගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විරෝධතා මැඩපැවැත්වීම සඳහා රජය අධික බලය යෙදවූ බවට චෝදනා එල්ල වී ඇති අතර පේරු හි ඔම්බුඩ්ස්මන්වරයා පවසා තිබෙන්නේ , නොසන්සුන්තාවයෙන් මියගිය පුද්ගලයින් 56 දෙනාගෙන් 46 දෙනෙකු ආරක්ෂක අංශ සමග ගැටුම්වලට සම්බන්ධ වූ බවයි.

දකුනු Puno, Cusco සහ Apurimac කලාපවල ආණ්ඩුකාරවරු ද ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා ඇති අතර, මෙම සතිය මුලදී, විපක්ෂ දේශපාලනඥයන් ජනාධිපතිනියට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට යෝජනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා

කොංග්‍රසය විසුරුවා හැරීමේ අසාර්ථක උත්සාහයකින් පසු හිටපු ජනාධිපති කැස්ටිලෝගේ දෝෂාභියෝගය සහ ධුරයෙන් ඉවත් කිරීමත් සමග බොලුවාර්ටේ මහත්මිය දෙසැම්බර් මාසයේදී එරට ජනාධිපති බවට පත්වුණා

Share This