පේරු රාජ්‍යයේ රන් ආකරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 27ක් මරුට

පේරු රාජ්‍යයේ රන් ආකරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 27ක් මරුට

පේරු රාජ්‍යයේ රන් ආකරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් විසි හත්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ Arequipa කලාපයේ La Esperanza පතල තුළ ඇති වූ මෙම අනතුර දශක කිහිපයකට පසු එරට සිදු වූ දරුණුතම පතල් අනතුර බවයි.

ගින්නෙන් පුද්ගලයන් දෙදෙනෙකු බේරා ගෙන ඇති බව සඳහන්

ගින්න හටගන්නා අවස්ථාවේ පතල් කම්කරුවන් අවම වශයෙන් අඩි 330 පමණ පහළින් වැඩ කරමින් සිටින්නට ඇති බවට විශ්වාස කෙරෙනවා.

පේරු රාජ්‍ය ලොව විශාලතම රන් නිෂ්පාදකයන්ගෙන් එක රටක් වන අතර වසරකට ටොන් 100 කට වඩා රන් කැණීම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This