පොකුරු බෝම්බ ප්‍රහාරයක් ගැන රුසියානු ජනපති යුක්‍රේනයට අනතුරු අඟවයි

පොකුරු බෝම්බ ප්‍රහාරයක් ගැන රුසියානු ජනපති යුක්‍රේනයට අනතුරු අඟවයි

රුසියාව සතුව පොකුරු බෝම්බ ප්‍රමාණවත් තොගයක් පවතින බව ජනාධිපති ව්ලැද්මීර් පුටින් අද (16) ප්‍රකාශ කළා.

ඒ අනුව යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කිරීමට තම හමුදා කිසිදු අවස්ථාවක පසුබට නොවන බවයි සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ

අමෙරිකාව විසින් යුද ආධාරයක් ලෙස පොකුරු බෝම්බ තොගයක් යුක්‍රේනයට ලබා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ රුසියාව මෙතෙක් යුක්‍රේන යුද්ධයේදී පොකුරු බෝම්බ භාවිතා කර නොමැති බවයි

Share This