
පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අවසර දෙන ගැසට්ටුව ජනපති අත්සනීන් නිකුත් කරයි
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන ජී.ආර්. 11 වර්ගයේ පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අවසර දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඔක්තෝබර් 15 වැනිදා බලපැවැත්වෙන පරිදියි.
එමඟින් කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන ජී.ආර්. 11 පොන්නි සම්බා සහල් පමණක් ආනයනයට අවසර ලබා දී ඇති අතර එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් ප්‍රමාණය සහල් මෙට්‍රික් ටොන් 520ක්.
ඒ අනුව අදාළ සහල් තොග ඔක්තෝබර් 15 සිට 28 දක්වා කාලය තුළ නැව්ගත කළ යුතු අතර එම සහල් තොග රේගුවෙන් නිදහස් කෙරෙන අවසන් දිනය නොවැම්බර් 15 බවයි ශ්‍රී ලංකා රේගුව සදහන් කළේ.
මේ අතර ලුණු ආනයනය කිරීමට අවසර ලබා දුන් කාලසීමාවෙන් පසු මෙරටට ගෙන්වන ලද හා ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතුවූ ලුණු මෙට්‍රික් ටොන් 23,000කට අධික තොගයක් ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුව එම ආනයනකරුවන්ට දැනුම් දී තිබෙනවා.
රට තුළ ඇතිවූ ලුණු හිගයට විසදුම් ලෙස ලුණු ආනයනය කිරීම සදහා රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශයට ද අවසර ලබා දී තිබූ අතර, ඒ සඳහා ලබා දී තිබූ කාලසීමාව පසුගිය ජුනි මස 10 වැනි දිනෙන් අවසන් වුණා.