
පොල්පිතිගම කුඹුරක අභිරහස් ලෙස මිය ගිය අයකුගේ මළසිරුරක්
පොලිපිතිගම පොලිස් වසමේ, කුඹුකුලාව ප්‍රදේශයේ කුඹුරු ඉඩමක පුද්ගල මළ සිරුරක් ඇති බවට පොල්පිතිගම පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නේ මෙම පුද්ගලයා වයස අවුරුදු 59 ක් වූ මහවැව පාර ,කුඹුකුලාව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.
මියගිය පුද්ගලයා කුඹුරේ නියර බැඳීමට ගොස් ඇති අතර නිවසට නොපැමිණීම හේතුවෙන් සොයා බැලීමේ දී කුඹුරේ මුනින් අතට වැටී මියගොස් සිට තිබී හමුව තිබෙනවා.