පොල් ගෙඩියක් අවුරුදු 2 ක දරුවාට මරු ගෙනේ (VIDEO -CCTV)

පොල් ගෙඩියක් අවුරුදු 2 ක දරුවාට මරු ගෙනේ (VIDEO -CCTV)

පොල්ගෙඩියක් හිසමතට වැටී අවුරුදු 2 ක දරුවෙක් මරුට
වෙන්නප්පුව,බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ අවුරුදු 2යි මාසයක පිරිමි දරුවකු ගේ හිසට ඊයේ සවස පොල් ගෙඩියක් වැටී ඇත්තේ ඊයේ(15) සවසයි.

පොලීසිය පැවසුවේ මියගිය දරුවා අසල් වැසි නිවසක සෙල්ලම් කරමින් සිට නැවත නිවසට එමින් සිටින අතර යාබද නිවසක පොල් ගසක ගෙඩියක් තාප්පයක් මතට වැටී දරුවා ගේ හිසේ වැදී ඇති බවයි.

පසුව දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් බිම වැටී සිටිය දී අසල් වැසියන් දැක මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහල වෙත එවා තිබෙනවා.

දරුවා මියගොස් ඇත්තේ ඉන් අනතුරුවයි.

මේ සිදුවීම අසල් වැසි නිවසක සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.

Share This