පොලිස්පති – නාවික හමුදාධිපති අතර හමුවක්

පොලිස්පති – නාවික හමුදාධිපති අතර හමුවක්

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා අද(09) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා මුණ ගැසුණා.

නාවික හමුදා මූලස්ථානයේ දොරටුවලදී, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර මහතා විසින් පොලිස්පතිවරයා පිළිගනු ලැබූ අතර පසුව, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ඔහුට ගෞරවනීය ආචාරයක් පිරිනමා තිබෙනවා.

නාවික හමුදාධිපතිවරයා නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් පොලිස්පතිවරයාට හඳුන්වා දීමද මෙහිදී සිදු වුණා.

ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු, ප්‍රියන්ත වීරසූරිය මහතා , නාවික හමුදාධිපතිවරයා මුණගැසීමට කළ පළමු සංචාරයයි.

මෙහි දී සහයෝගීතාවය සංකේතවත් කරමින් චාරිත්‍රානුකූලව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

 

Share This