පොලිස් අණ නොතකා ගොස් ‘ මරුට බිළි වූ  ‘ තරුණයන් දෙදෙනා

පොලිස් අණ නොතකා ගොස් ‘ මරුට බිළි වූ ‘ තරුණයන් දෙදෙනා

පොලිස් අණ නොතකා ධාවනය වු යතුරු පැදියක් තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප්‍රදේශයේදී වෑන් රථයක ගැටී එහි ගමන්ගත් තරුණයන් දෙදෙනකු මරණයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාමය, උඩමත්තල පදිංචි දහනව හැවිරිදි තරුණයක් දෙදෙනෙකුයි.

යතුරු පැදිය වෑන් රථයේ ගැටීමෙන් පසු පෙරළී ලොරි රථයකට යටවී ඇති බව වාර්තා වනවා.

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ ඇල්ලගල හන්දියේ දී පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් තිස්සමහාරාම දෙස සිට පැමිණි මෙම යතුරුපැදියට නවත්වන ලෙස අණ කර ඇතත් ඔවුන් අණ නොතකා යතුරු පැදිය තණමල්විල දෙසට ධාවනය කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරී යතුරු පැදියෙන් පොලිස් අණ නොතකා ධාවනය වෙන යතුරු පැදිය පසුපස හඹාගොස් ඇති අතර තරුණයන් දෙදෙනා අධික වේගයෙන් ධාවනය කර ලොරි රථයකට ඉස්සර කරද්දී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී ඇති බව වාර්තා වනවා.

Share This