පොලිස් දෙපාර්තමේන්තුවේ 159 වන සංවත්සරය අද ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)

පොලිස් දෙපාර්තමේන්තුවේ 159 වන සංවත්සරය අද ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 159 වන සංවත්සරය අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙනවා.

මෙම උත්සවය පැවැත් වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදීයි .

එම හේතුවෙන් අද පස්වරු 2:00 සිට පස්වරු 7:00 දක්වා හයිලෙවල් මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පැවසුවා.

පොලීසිය පැවසුවේ කොළඹ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවයි.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට කොළඹ පිටවීමේ මංතීරුවේ බස් නැවතුම මෙම කාලය තුළ හැව්ලොක් පාර – ෆොන්සේකා පාර හන්දිය දක්වා නැවත ස්ථානගත කර තිබෙනවා.

තුම්මුල්ල සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා බර වාහන ඇතුළුවීම පස්වරු 2 සිට පස්වරු 7 දක්වා සීමා කෙරෙනු ඇති.

Share This