පොලිස් නිලධාරියෙක්ට පොරවකින් පහර දී පුද්ගලයෙකු වස පානය කරලා  (වීඩියෝ)

පොලිස් නිලධාරියෙක්ට පොරවකින් පහර දී පුද්ගලයෙකු වස පානය කරලා (වීඩියෝ)

අම්බලන්තොට පොලිස් රථවාහන අංශයේ නිලධාරිකුට පොරවකින් පහර දී පුද්ගලයෙකු වස පානය කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රථ වාහන දඩ කොළයක් සම්බන්ධයෙන් වූ සිද්ධියක් සම්බන්ධයෙන් උරණවීම හේතුවෙන් ආදාල පුද්ගලයා මෙම පහර දීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ පසුගිය 25 වැනිදා මෙම පුද්ගලයාට දඩ පත්‍රිකාවක් නිකුත් කළ පොලිස්
කොස්තාපල්වරයෙකු ඉලක්ක කර මෙම පොරව පහර එල්ල කර ඇති බවයි.

කෙසේ වෙතත් අද (05) දින රාජකාරී කරමින් සිට ඇත්තේ අදාළ කොස්තාපල්වරයාට සමාන හැඩරුව ඇති වෙනස් කොස්තාපල්වරයෙක් බවයි පැවසෙන්නේ.

පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා සහ පහරදීම සිදුකළ තැනැත්තා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක‍ෂණ පවත්වනු ලබනවා.

 

Share This