පොලිස් ප්‍රධානියාගේ ‘බිරිඳ සහ පුතු’ කොවිඩ් මරුවාට බිළිවේ
පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොවිඩ් ආසාදිත ව මියගොස් ඇතැයි අද (01) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී සඳහන් කළා.
සහකාර පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා නීති ශිෂ්‍යයකු වන අතර ආසාදිත වීමෙන් කොතලාවල ආරක්ෂක විද්‍යා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි එහිදී හෙළි වුණා.
සහකාර පොලිස් අධිකාරීවරයාගේ බිරිඳ ද ඉකුත් සතියේදී කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති අතර සහකාර පොලිස් අධිකාරීවරයා ද කොවිඩ් ආසාදිත ව කුණ්ඩසාලය පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.