
පොලිස් මත්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් ඊයේ 729 ක් අත්අඩංගුවට
පොලීසිය දිවයිනපුරා ක්‍රියාත්මක කර ඇති මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වලින් ඊයේ දිනයතුල සැකපිට පුද්ගලයින් 729 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 21 දෙනකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
වරෙන්තුකරුවන් 285 දෙනකු සහ විවෘත වරෙන්තුකරුවන් 149 දෙනකුද ඊයේ දිනය තුල අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මෙම මෙහෙයුම් අතර බීමත් රියදුරන් 22 ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සහ සම්බන්ධයෙන් 24 දෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
