පොලිස් මෙහෙයුම් වලින් ඊයේත් දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට

පොලිස් මෙහෙයුම් වලින් ඊයේත් දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට

මේ දිනවල පොලීසිය දිවයින පුරා සිදුකරන මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන මෙහෙයුම්වල දී ඊයේ දිනයේ (01) අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 16 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකපිට පුද්ගලයින් 695 දෙනකුත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ වරෙන්තුකරුවන් 201 ක් ද අත් අඩංගුවට ගත් බවයි.

විවෘත වරෙන්තුකරුවන් 147 ක් ද පොලිස් මෙහෙයුම් වලදී ඊයේ අත් අඩංගුවට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ බීමත් රියදුරන් 46 දෙනකු ද ඊයේ අත් අඩංගුවට පත් වූ බවයි.

 

Share This