පොලිස් මෙහෙයුම් වලින් ඊයේ (23) 725 ක් අත්අඩංගුවට

පොලිස් මෙහෙයුම් වලින් ඊයේ (23) 725 ක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාතමක කර ඇති පොලිස් මෙහෙයුම් වලින් ඊයේ (23) දිනට අදාලව සැකපිට පුද්ගලයින් 725 දෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සෘජුව අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 29 දෙනකු අත් අඩංගුවට ගත් පිරිස අතර වන බවයි.

අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තු කරුවන් ගණන 261 ක් වන අතර විවෘත වරෙන්තුකරුවන් 180 ක් ද අත් අඩංගුවට ගත් පිරිසට අයත්.

බීමත් රියදුරන් 26 ක් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් මත අත් අඩංගුවට ගත් පිරිස 25 වන බව පොලීසිය සදහන් කළා.

Share This