
පොලිස් වැටලීම් වලින් ඊයේත් විශාල පිරිසක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ඊයේ (11) දිනය තුල සිදුකළ පොලිස් මෙහෙයුම්වලදී අපරාධ සම්බන්ධයෙන් හදුනාගත් පුද්ගලයින් 25 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නෙ ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 691 ක් අත්අඩංගුවට ගත් බවයි.
වරෙන්තුකරුවන් 218 දෙනකු ද ඊයේ දිනයේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 157 ක්.
පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නෙ බීමත් රියදුර 73 ක සහ අපරික්ෂාකාරී රිය පැදවීම් 17 ක් ද මේ අතර සිටින බවයි.
වෙනත් රථ වාහන වැරදි 3,427 දෙනකු ද නීතියේ රැහැනට හසුකර ගැනීමට ඊයේ දිනයේ පොලීසියට හැකිවී තිබෙනවා.