පොලිස් වෙස්ගත් කාන්තාවක් ඇතුළු කොල්ල කල්ලියක් අත්අඩංගුවට

පොලිස් වෙස්ගත් කාන්තාවක් ඇතුළු කොල්ල කල්ලියක් අත්අඩංගුවට

පොලිස් හා විශේෂ කාර්ය බලකා ඇඳුමට සමාන ඇඳුමින් සැරසී මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා බව පවසමින් ගල්නෑව ප්‍රදේශයේ නිවසකට පිරිසක් ඇතුලු වී තිබෙනවා.

එම පිරිස පැමිණ ඇත්තේ ඉකුත් 25 වැනිදා රාත්‍රියේයි.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි අදාළ පිරිස වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් බව පවසමින් එම නිවසට ඇතුලු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් නිවසට ඇතුලු වී ඇත්තේ ව්‍යාපාරිකයෙකුට අයත් එම නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන යන බවට ලද පැමිණිල්ලකට අනුව නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින්.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවෙස් හිමි ව්‍යාපාරිකයා ගල්නෑව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිද්ධියට සම්බන්ධ කාන්තාවක් ඇතුලු 05 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර ඉකුත් 30 වැනිදා රාත්‍රියේ කහවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ අවිගත් සන්නද්ධ පිරිසක් තමන් පොලිසියෙන් බව පවසමින් එම නිවසේ පදිංචිව සිටි තරුණයෙකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

අත්විලංගු දමා එම තරුණයා පැහැරගෙන ගොස් තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් වෙඩික්කරු හෝ පැමිණි පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

Share This