
පොලිසියෙන් කරදරයි – වලස්මුල්ලේ පවුලක් බත්තරමුල්ලේ සීලරතන හිමි සමඟ පොලිස් මූලස්ථානයට
වලස් මුල්ලප්‍රදේශයේ මවක් සහ පියෙක් එම ප්‍රදේශයේ කිහිප දෙනෙකු පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමග අද දහවල් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සඳහා පැමිණසිටියා.
බත්තරමුල්ලේ සීලරතන හිමියන් මෙහිදී කියා සිටියේ.
පොලිසිය විසින් තරුණයකට කරන හිංසනයක් පිළිබඳ පැමිණිලි කිරීමට පොලිස් මූලස්ථානයට පැමිණි බවයි.
මෙම තරුණයාගේ පියා විශ්‍රාමික හමුදා කපිතාන්වරයෙක්.
තරුණයාගේ මව මෙහිදී කියා සිටියේ තමන්ගේ පුතු මත් කුඩුවලට ඇබ්බැහි වූ කෙනෙකු වුවත් මේ වන විට ඔහු පුනරුත්ථාපනය වන බවයි.
පොලිසියෙන් නිතරම පැමිණ ගේ සෝදිසි කර තම පුතුට මාංචු දමා පොලිසියට ගෙන යාමට උත්සාහ කරන බවයි.
“අපේ ගෙදර කුඩු තිබුනේ නෑ.පුතාට මාංචු දාලා පහර දීලා අරන් ගියා. පොලිසියෙන් එන්නේ සිවිල් ඇඳුමින්. දික්වැල්ලේ පොලිසියෙනුත් ආවා සිවිල් පිට.
සිවිල් ඇඳුමෙන් පිහි අරගෙන පොලිසියෙන් ආවා .ගෙදරට බලෙන් බඩු දාලා පනස් හතර වගන්තිය කියලා අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරනවා.
මගේ මහත්තයාවත් හිරේ දැම්මා පුතා නැති නිසා. ” යැයි විශ්‍රාමික හමුදා කපිතාන්වරයාගේ බිරිඳ පැවසුවා.
ඔවුන් පවසන්නේ මේ කරදර නිසා CVTV සවි කළ ද ඒවා පොලීසියෙන් ගලවාගෙන යන බවයි.
පොලිසියෙන් කරදර නිසා කාමරවලට පවා CVTV දැමීම සිදු කළ බවත් ඒවායෙහි දර්ශන තමන් සතුව ඇති බවත් මෙම කාන්තාව සහ විශ්‍රාමික හමුදා කපිතාන්වරයා පැවසුවා.
මෙහිදී අදහස් දැක්වූ විශ්‍රාමික හමුදා කපිතාන්වරයෙක් වන විජිත කුමාර මහතා පවසන්නේ පොලිස් කොස්තාපල් සමීර කියන පුද්ගලයා පුතාගේ බිරිඳට facebook වලින් කරදර කිර්‍රිමක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව ඔහු තිස්සමහාරාම පොලිසියට මාරු කර යැවීමෙන් පසුව මෙම කරදර සිදුවන බවටයි.
තමන් නිවසේ සිටිය දී හැඳ සිටි සරම සමග පොලිසියට ගෙන ගොස් කලිසම් සාක්කුවේ තිබී කුඩු හමු වූ බවට චෝදනා ඉදිරිපත් කරන බව ද සඳහන් කළා.
මේ පිළිබඳ සාධාරණත්වයක් බලාපොරොත්තුවෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළ බව ද ඔවුන් පැවසුවා.

