පොලීසියෙන් හදිසි නිවේදනයක්

පොලීසියෙන් හදිසි නිවේදනයක්

සමාජ මාධ්‍ය මඟින් සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වුණේ 2025.08.20 දිනැති “Attn: The Alleged Victim” යනු වෙන් සදහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ශ්‍රී ලංකා පොලීසිය යැයි හැගෙන ව්‍යාජ ලිපි ශීර්ෂයක් සහිත ලිපියක් මේ දි වල඼ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.

මෙම ව්‍යාජ ලිපියෙහි ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ පොලිස්පති කාර්යාලය , පොලිස් මූලස්ථානය යනුවෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා , අධ්‍යක්ෂ ශ්‍රී ලංකා පරිගනක හදිසි සූදානම හා අධ්‍යක්ෂ ජාතික ළමා ආරක්ෂක කාර්යාලය ලෙස ව්‍යාජ අත්සන් සහිත නිල මුද්‍රා යොදා ඇති බව පැහැදිළි වේ.

මෙම ලිපිය ශ්‍රී ලංකා පොලීසිය මගින් ප්‍රචාරය කරන ලද්දක් නොවන බව අවධාරණය කරන අතර ,මෙය මහජනතාව නොමග යැවීමේ අරමුණින් ප්‍රචාරය කරන ලද ව්‍යාජ ලිපියක් බව වැඩිදුරටත් දන්වා සිටී.

පරිගණක අපරාධ විමර්ෂණන කොට්ඨාශය මගින් මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධව මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ,මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව ද පොලීසිය නිකුත් කළ නිවේදනයේ සදහන්.

 

ව්‍යාජ ලිපිය

Share This